GOYO සහ එයට ලැබෙන ඇප් එක. (mydeal.lk)

එදිනෙදා ක්‍රියාශීලීව ගත කරන කාලය වඩාත් හොඳින් සටහන් කරගන්න පුළුවන් නම් මේ වැඩේ තවත් සාර්ථක බව පෙනෙන්න තිබෙනවා. එදිනෙදා තමන් ව්‍යායාම කරපු කාලය, වැය කරපු කැලරි ප්‍රමාණය වගේ දේවල් නිතරම දකින්න ලැබෙනකොට, ඒ වෙනුවෙන් විවිධ ජයග්‍රහණ ලැබෙනකොට වැඩි උනන්දුවකින් තවත් නීරෝගී වෙන්න උත්සාහ ගන්න එක මිනිස් ස්වභාවයක්. මේ නිසා ලෝකය පුරාම අද ඒ වගේ දේවල් මිනුම් කරන්න පුළුවන් උපාංග, ඒවායින් වඩාත්ම ඉහළ ප්‍රයෝජනයක් ගන්න ලැබෙන ඇප් වගේ දේවල් බොහෝ සෙයින් ජනප්‍රියයි.

ශ්‍රී ලංකාවේ අපි වෙනුවෙන්ම නිෂ්පාදනය වුණු, තත්වයෙන් ඉතාම උසස් නිෂ්පාදනයක් තමයි GOYO කියන්නේ. ශ්‍රී ලංකාවටම ආවේණික, අපේම බවක් සහිත අභියෝග ගණනාවක් තියෙන මෙහි ඇප් එක නොමිලේම ලබා ගන්නත් ඔබට පුළුවන්. ඔබේ ක්‍රියාශීලී බව විශේෂ දෙයක් නොකරම පැහැදිලිව සටහන් කරන්නත්, ඔබේ විවිධ නීරෝගී ඉලක්ක සපුරාලීම වෙනුවෙන් සැබෑ ලෝකයේ තෑගි දිනා ගන්නත් GOYO වෙතින් අවස්ථාව හිමි වෙනවා. GOYO කියන්නේ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ශ්‍රී ලංකා දියවැඩියා සංගමයත් අනුමත කරන සැබැවින්ම ප්‍රයෝජනවත් විසඳුමක්.

ඉතින් ඔබත් නීරෝගී වෙන්න කැමති නම් අපේ රටේ අය වෙනුවෙන්ම නිෂ්පාදිත GOYO එකක් සහ එහි ඇප් එක පාවිච්චි කරලා බලන්න. ඔබ අද වියදම් කරන පුංචි මුදලින් ඒ වගේ කිහිප වාරයක් ගෙවා දොස්තරවරු චැනල් කරන්නට සිදු වන අවස්ථා ගණනාවක් මග හැර ගන්න ඔබට අවස්ථාව ලැබේවි.